Pages

Wednesday 15 August 2018

මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්්‍යාපෘතිය - වර්තාමය වැඩසටහන




මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්්‍යාපෘතිය ඉදිවෙන දවස් වල අපි හදපු අධ්‍යාපනික වර්තාමය වැඩසටහන තමයි මේ. ජලාශ ඉදි කිරීම ගැන මූලික අවබෝදයක් ලබාගන්න පුලුවන්. ඩෙටා තියෙන වෙලාවක මෙම සබැදියෙන් බලන්නකො.



(මෙය නිර්මාණය සදහා අපට සහය දුන් Tunnel Engineer එම්.පෙරුමාල් මහතාටත් අපට උපදෙස් ලබාදුන් සහ නිර්මාණයට අඩිතාලම් දැමු Site Engineer ලහිරු ගුණ්සෙකර මහතාටත්, Site Engineer ගුඟතාසන් මහතාටත් සහය දුන් සැමටත් ස්තූතියි.
සංස්කරණය සහ ද්විමාන සජිවීකරණය : Gayan Rangana
කැමරාකරණය සහ ත්‍රිමාණ සජිවිකරණ :Isuru Lasan
පිටපත සහ රචනය : Amila Kasun Withanage)

ලක්ෂපාන යෝජනා ක්‍රමය - laxapana scheme

පහුගිය ටිකේ ගොඩක් කතා බහ වුන කැළණිගඟ ආශ්‍රිත විදුලි උත්පාදනය ගැන දන්න දෙවල් ටිකක් කියන්න හිතුනේ කලින් දාපු මහවැලි යෝජනා ක්‍රමය පිළිබඳ විස්තරයට ගොඩක් ලොකු ප්‍රතිචාරයක් ලැබුන නිසා.
    කැළණි ගඟ ලංකාවේ වේගවත්ම ගඟ වන අතර එහි ප්‍රධාන අතු ගංඟා වන්නෙ බුලත්වල කඳුවෙටිය දෙපසින් සමාන්තරව ගලන කෙහෙල්ගමු ඔය හා මස්කෙලිය ඔයයි.මේ දෙක එකට එකතු වෙන්නෙ කිතුල්ගල බ්‍රෝඩ්ලන්ඩ් හිදි.ලංකාවෙ මුල්ම ජල විදුලි බලාගාරය ඉදිවන්නෙ මේ ආශ්‍රිතවයි.ඒ ලංකා ජල විදුලියේ පියා ඩි.ජේ විමලසුරේන්ද්‍ර මහතාගේ අදහසකට අනුවයි.


   ඒඅනුව 1924 දි ලක්ෂපාන යෝජනා ක්‍රමය ආරම්භ වුන අතර 1950දි ලක්ෂපාන බලාගාඅරය ඉදිවුනි.කෙහෙල්ගමු ඔය නෝටන්හිදි හරස් කොට වේල්ලක් සදා උමගක් මගින් ජලය ගෙනගොස් ජලාගාරයක ‍රැස් කොට 25 MW ක බලයක් උපදවයි.
      ලක්ෂපාන දෙවන අදියර මගින් කෙහෙල්ගමු ඔය හරහා නොර්ටන්ට ඉහලින් කාසල්රී හිදි ජලාශයක් ඉදිකෙරෙනු අතර නොර්ටන්බ්‍රිජ් සිට තවත් නල 2කින් ලක්ෂපාන වෙත ජලය ගෙන ගොස් අතිරේක ට'බයින 2ක් මගින් තවත් 25ක් උපදවන ලදි.ඉන් පසු නොටන්හිදි බලාගරයක් ඉදිකොට කාසල්රී හි සිට එම බලාගාරයට කි.මි 6.4 ක උමගක් මගින් ජලය ගෙනවිත් 50 MWක ධාරිතාවක් එක් කරන ලදි.එහිදි භාවිතවන ජලය නැවත නොර්ටන් ජලාශයට එක් වේ.මෙම බලාගාරය උපහාරයක් වශයෙන් විමලසුරේන්ද්‍ර බලාගාරය ලෙස නම් කරන ලදි.
   කෙහෙල්ගමු ඔයෙන් පසු මස්කෙලිය ඔය බාවිත කරමින් මාවුස්සාකැලේ ජලාශය ඉදිකර ඇත්තේ මස්කෙළිය පැරණි නගරය හා කින්ටයර් නගර වැසි යන පරිදිය.මෙහි ජලය හා ලක්ෂපාන බලාගාරවල භාවිතා කර ඉවතලන ජලය ලක්ෂපාන බලාගාර අසලදි හැරවුම් වේල්ලක් සදා පොල්පිටිය දකවා උමගක් තුලින් ගෙන ගොස් 75 MWක ධාරිතාවක් එක් කරන බලාගාරයක් 1969 දී ඉදිවුනි.මීට අමතරව 1983 දී මස්කෙලි ජලශය පහල කුඩා ජලාගාරයක් සදා කැන්යොන් බලාස්ථානය ස්ථාපිත් කර 60 MWක උත්පාදනයක් ජාතික පද්දතියට එක් කරන ලදි.පසුව නව ලක්ෂපාන ලෙස බලාගරයක් ඉදිකිරිමෙන් 100 MW ක උත්පාදනයක් එක් කරන්නේ කැන්යොන් මගින් ජලය ‍රැගෙන එමෙන්ය(1983). 
    ලක්ෂපාණ අවසන් අදියර ලෙස මේ වන විට බ්‍රෝඩ්ලන්ඩ් විදුලි බලාගාරය කිතුල්ගල හිදි ඉදිවෙමින් පවති.  කෙහෙල්ගමු ඔය හා මස්කෙලි ඔය හරහා සාදන ලද වේලි 2කින් යුතු කුඩා ජලාශ 2කින් එයට ජලය ලබා ගෙන නැවත් කැළණි ගඟට මුදා හැරේ
      විමලසුරේන්ද්‍ර මහතාගේ අදහසින් ලංකාවේ මුලින්ම ජල විදිලි බලය උත්පාදනය කරන ලද්දේ මෙහි සදහන් යෝජනා ක්‍රම වලින් වන අතර,මහවැලි වි්‍යාපාරය ඇරබුනේ මින් පසූය.ලක්ෂපාන යෝජනා ක්‍රමයේ වැදගත් අංගයක් වන්නෙ එකම ජල ධහර ආවස්ථා කිහිපයකදි ජලාශ කිහිපයක් පෝශණය කර බලාගාර කිහිපයක් මගින් විදුලි උත්පාදනයට දායක වීමයි.ගං වතුර පාලනයට මෙය මහත් දායකත්වයක් දරයි.කිතුල් ගල white water rafting සදහා යන ඔබට ඇතැම් විට මේ අත්දැකිම ලබා ඇති වන්නට පුලුවන්.කිතුල්ගලදි ඊට ඉහල බලස්ථාන මගින් ඉවත් වන ජලය නිසා දවසට කිහිප විටක් ජල මට්ටම එක්වරම වැඩි වේ.මෙම තත්වය පාලනයට පහලදි ගංවතුවර පාලන වේලි 2ක් කැළණි ගඟ හරහා ඉදිකොට ඇත.

Friday 10 August 2018

මහවැලි ව්යාපාරය.(Mahaweli Development Project)



ගොඩක් අය අහල තියෙන ඒත් ගොඩක් අය නොදන්න මහවැලි ව්යාපාරය ගැන හොයා ගත්තු දේවල් ටිකක් ඔයාලටත් කියන්නයි හිතුවෙ.ගොඩක් දෙනාට ජලාශ මතක් වෙන්නෙ පායන කොට හිදිලා ලයිට් දෙන්න බැරි වුනාමනෙ.
මහවැලි පටන් ගන්නෙ කොහොමද?
ගඟේ ඉහල සිට පහලට එන විට හමුවන ජලාශ හා ඉදිකිරීම් මොනවද?
ජලාශවලින් ජනනය වන විදුලිය ධාරිතාව කොපමණද?
විදුලිය උත්පාදනය කරන ජලයට මොකද වෙන්නෙ?
1950 දශකය අග බාගයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් පැවති පරික්ශනයක ප්රතිපලයක් ලෙස ලංකාවේ අලුත් ඉඩම් වගා කිරිම තුලින් අහාර හිගය පියවීමටත් ජල විදුලිය නිපදවීමටත් මහවැලි ගඟේ ජලය බාවිතා කිරිමට මහවැලි මහ සැලැස්ම ක්රියාත්මක විය.1970 දී පොල්ගොල්ල හැරව්ම හා බෝවතැන්න ජලාශය ඉදිකිරිම් ආරම්භ වීම එහි පලමු පියවර විය.පසුව සිදු වූ දේශපාලන පෙරලියකට පසුව මහ සැලැස්ම මහවැලි කඩිනම් ව්යාපෘතිය ලෙස නැවතත් මහ ජලාශ වි්යාපෘති කිහිපයක් වසර 5ක් තුල ඉදිකිරිමට යෝජිත විය.ඒ අනුව කොත්මලේ,වික්ටෝරියා,රන්දෙණිගල,රන්ටැබේ, මාදුරුඔය හා මහවැලි දකුණු ඉවුර ඇළ ඉදිකිරිම් ආරම්භ විය.මහවැලි මහ සැලැස්මෙන් අත් හැර දමන ලද මොරගහකන්ද හා කළු ගඟ ජලාශ මෑත භාගයේදි ආරම්භ කරන ලද අතර මේවාට අමතරව ඉහල කොත්මලේ ජලාශයද ඉදි විය.

සිතියම


A රූපය
මහවැලි සිරිපා අඩවියෙන්(සිරිපා කන්දෙන් නොව.) ඇරබුනත් අපට මුලින්ම ජලාශයක් හමුවන්නෙ මහවැලි අතු ගඟාවක් වන කොත්මලා ඔයෙන්.කඩිනම් මහවැලියෙන් ගොඩනැගුනු (සිතියමෙ අංක 02) කොත්මලේ ජලාශය (172MCM) කොත්මලා ඔය හරස් කර සාදන ලද අතර විදුලි උත්පාදනය 201MW(67*3) කි.මෑතදි නිමකෙරුනු ඉහළ කොත්මලේ ජලාශය (සිතියමෙ අංක 01) කොත්මලා ජලාශයට ඉහලින් තලවාකැලේදි ඉදි කැරුනු අතර නානුඔය හා අග්රා ඔය මෙමගින් හරස් වන අතර එතැනි පසු කොත්මලා ඔය සැදේ.ජලාශය තලවාකැලේ ඉදිවුන නමුත් බලාගාරය පිහිටා ඇත්තේ කොත්මලේ ජලාශය අසලය.එයට ඉහල කොත්මලේ සිට ජලය ගෙන යාමට කි.මි 13ක උමං මගක් ඇති අතර ග්රේට්වෙස්ටන් කදු වැටිය හා පුන්ඩල් ඔය යටි දිවෙයි(A රූපය).බලාගාරයෙන් ඉවත් වන ජලය නැවතත් කොත්මලා ජලාශයට එකතුවන අතර නැවත් එහි විදුලි උත්පාදනයෙන් පසු මහවැලි ගඟට එක් වේ.


(B රූපය)

කොත්මලා ජලාශයට පසු මහවැලි ගඟ හරස් වන්නේ (සිතියමෙ අංක03)පොල්ගොල්ල වේල්ල මගිනි.එහිදි හරවන ලද ජලය උකුවෙල (B රූපය) දක්වා කි.මි 8ක උමංගක් තුලින් රැගෙන ගොස් (සිතියමෙ අංක14) උකුවෙලදී 38MW ක විදිලියක් නිපදවයි.පොල්ගොල්ලන් පසු මහවැලි ගඟ වික්ටෝරියා ජලාශය(සිතියමෙ අංක4) පෝශනය කරන අතර එහි ධරිතාව 721MCM කි,විදුලි බල උත්පාදනය 210MW(70*3) කි.වික්ටෝරියා වලට පසු රන්දෙනිගල(සිතියමෙ අංක05) දි හරස් වන මහවැලිය 861MCM ක ජලාශයක් ඇතිකොට 126MW(63*2)ක විදුලි බලයක් නිපදවයි.රන්දෙනිගල පිටාර ජලය ඒ අසලදීම (සිතියමෙ අංක06) රන්ටැබේදි හරස් කර 22MCM ක ජලාශයකින් 50MW(25*2) ක විදුලියක් උත්පාදනය කරයි.මෙය මහවැලිය හරස් කර ඉදිවන අවසන් ජලාශය වන අතර ඊට පහලින් මිණිපේ අමුණ(සිතියමෙ අංක07) මගින් මහවැලි ජලය දෙපසකට බෙදා හරි.දකුණු ඉවුර ඇළ ලොග්ගල් ඔය(සිතියමෙ අංක08), හැපොල (සිතියමෙ අංක09),යන ජලාශ පෝශනය කරමින් උල්හිටිය(සිතියමෙ අංක10) හා රත්කිඳ(සිතියමෙ අංක11) ජලාශ දක්වා මහවැලි ජලය රැගෙන යයි.රත්කිඳ ජලාශයෙන් නැවතත් උමං තුලින් ජලය මාදුරුඔය ජලාශයට(සිතියමෙ අංක12) ජලය ගෙන යන අතර(597MCM).මේ සියල්ල වාරි ජලය සැපයීම සදහා පමණක් වන අතර මෑතක සිට පුද්ගලික බලාගාරයකින් මාදුරු ඔයදි 7.5MWක් පමණ විදුලි බලයක් ජාතික විදුලි බල පද්ධතියට එක් කරයි.මිණිපේ වම් ඉවුර ඇළ හසලක ,වස්ගමුව හරහා අඟමැඩිල්ල දක්වා වාරි ජලය රැගෙන යයි.




මහවැලි ගඟ හරහා ඉදි වූ ඉදිකිරීම් එපමනක් වුවත් අතු ගංගා මගින්ද ජලාශ ඉදි කර ඇත.පොල්ගොල්ලෙදි හරවා යැවු ජලය උකුවෙලදී ටර්බයින කරකවා සුදු ගඟට ජලය මුදා හරියි.එම ගඟ හා අඹන් ගඟ බෝවතැන්නෙදි(සිතියමෙ අංක15) හරස් කොට 52MCM ක ජලාශයක් ඉදි කොට 40MW ක විදුලි බලයක් උත්පාදනය කරයි.තවද එහිදි උමං හැරවුමකින් කි.මි 9ක දුරක් ජලය රැගෙන ගොස් දඹුලු ඔය හා කන්ඩලම වැව පෝශනය කරයි.බෝවතැන්නට පසුව අඹන් ගඟ මොරගහකන්දේදි(සිතියමෙ අංක16) මොරගහකන්ද/කුලසිංහ ජලාශය ඉදිකර ඇත.එයට තවත් ජලය ලබාදීම සදහා කළු ගඟ ලග්ගල පල්ලෙගමදි හරස් කොට කළුගඟ ජලාශය (සිතියමෙ අංක 17) ඉදිවෙමින් පවති.මහවැලි ගඟේ තවත් අතු ගඟාවක් වන උමා ඔය හරස් කර සැදෙන ජලාශ දෙකකින් හා දිගු උමං පද්ධතියකින් 120MW ක පමණ විදුලි බලයක් ඉපැදවීමට නියමිතය.අවසානයේ එම ජලය වැල්ලවාය අලි තොට ආර ජලාශයට මුදා හැර ඉන්පසු මොණරාගල දිස්ත්‍රික්කය ආවරනය වන පරිදි බෙදා හැරිම සිදු කරනු ඇත. 


අවසානයේ ආපසු හැරි බැලිමෙන් මහවැලි ගඟ රජරට හැරවිමෙන් මහත් ප්රතිඵල උදා කරගෙන ඇත.නමුත් එය 100% සාර්ථක වී ඇත්දැයි විනිශ්චය ඔබට භාරය.ඔබ භාවිත කරන විදුලිය ඔබට ලැබෙනුයේ මහත් වූ පර්ශ්රමයක හා කැපකිරීම් වල ප්රතිප්ලයක් ලෙසිනි.ට'බයින කරකැවීමට භාවිතා වන්නෙ රජරට ගොවියාගේ හා අති දුශ්කර ගම් වසියන්ගේ ජලය විය හැක.තව තවත් ජලාශ ඉදිකර විදුලිය නිපැදවීම තව තවත් පරිසර හානියකි.එසේ නම් උපදින විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරිම ඔබට භාර වූ වගකීමකි

Followers